Skip to main content

Posts

Showing posts from May, 2011

සූභාෂිත ජය සූත්‍රය

සිත සුවපත් නම් මුහුණත් ලස්‌සනයි

ඔබ ගන්නා ආහාරයෙන් පළමු කොටස සතෙකු සඳහා වෙන්කරන්න, ඔබ වෙනුවෙන් ආහාර පිළියෙළ කළ අයට, ආහාර සපයා දුන් අයට, භෝග වගා කළ අයට, ඒවා වෙළෙඳපල වෙත ගෙන ආ අයට පවා සිතින් සෙත් පතන්න. යමෙක්‌ ඔබට ආහාරයක්‌ හෝ යමක්‌ පිරිනැමූ විට බොහෝම ස්‌තුතියි යෑයි මුව පුරා පවසන්න. ඔබ බෞද්ධයෙකු නම් බොහොම පිං යෑයි පවසන්න.
ආහාර පිළියෙළ කරන ගෘහණිය ඔබ නම් මෙත් සිතින්ම ආහාර පිළියෙළ කරන්න. මේ ආහාරය මාගේ පවුලේ සියළු දෙනාට දිව්‍යමය ආහාරයක්‌ වේවා මෙයින් ඔවුන්ගේ ආයුවර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. දීර්ගායුෂ ලැබේවා වැනි මෙත් සිතිවිලි වලින් යුතුවම ආහාර පිසින්න.

ඔබ පිසූ ආහාරය පිළිගන්වන විට පවා එලෙස සිතන්න. උදෑසන තේ කෝප්පය පිළිගන්වන විට පවා ඔබට සැමියා හෝ දරුවන් වෙත මෙත් සිතිවිලිද තිළිණ කරන්න.

බස්‌ රථයේ හෝ පෞද්ගලික වාහනයේ නැගී දෛනිකව රැකියාවට එනවිට ඔබ පසුකර යන, ඔබට හමුවන මිනිසුන්ට සෙත් පතන්න. සුවිසල් මන්දිර වල වෙසෙන මිනිසුන්ටද මහමග යදින මිනිසුන්ටද සම සිතින් මෙත් වඩන්න.

රැකියා ස්‌ථානයේ සිටින සියලු දෙනාගේ ජිවිත ආලෝකමත් වේවායි මෛත්‍රී කරන්න. ඔබගේ ජීවිතයට ලබාදෙන සහය වෙනුවෙන් රැකියා ස්‌ථානයට සෙත් පතන්න. නිලධාරින්ට හෝ හිමිකරුව…

Life Story Of Lord Buddha

In the year 624 BC, in Kapilawaththu (Nepal) Siddhartha Gautama was born as a prince. His father was King Suddhodana and his mother was Queen Mahamaya. When he was sixteen he finished his education and he married Princess Yasodara. King Suddhodana handed over his kingdom to his son Siddhartha. They had a baby name Rahula. When king Siddhartha was 29 years old he decided to renounce lay life. Siddhartha left from his kingdom and went to several well-known teachers to study the ultimate nature of reality. But their teachings didn’t satisfy him and he set out to find his own path. Six years later he went to Bodgaya near the Neranjana River and sat under a tree.
   Siddhartha's mind was calm and relaxed. As he sat his concentration deepened and his wisdom grew brighter. In this clear and peaceful state of mind he began to examine the true nature of life. "What is the cause of suffering,” he asked himself, “and what is the path to everlasting joy?" In his …

2600 සම්බුද්ධත්ව ජයන්තියට නිව්යෝර්ක් නගරයේ පිඩුසිගා වැඞීමට මහා සංඝරත්නය සැරසෙති

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පින්ඩපාත චාරිකාවක නිරත වීමට මහා සංඝරත්නය තීරණය කර තිබෙන බව වාර්තා වේ. නිව්යෝර්ක් මහා විහාරයේ වැඩ වසන ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සම්බන්ධීකාරක පූජ්‍ය ඇත්කදවක සද්ධාජීව හිමියෝ මේ බව සදහන් කළහ. ඒ අනුව සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් භික්ෂුන් වහන්සේ 150 නමක් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙරදින නිව්යෝර්ක් නගරයේ පි`ඩුසි`ගා වැඞීමට නියමිතය.

මෙය අමෙරිකා එක්සත් ජනපදය තුල ප‍්‍රථම වරට කි‍්‍රයාත්මක කෙරෙන්නක් බවයි පූජ්‍ය ඇත්කදවක සද්ධාජීව හිමියෝ ප‍්‍රකාශ කරති. මීට අමතරව ජගත් සංවිධානයට අයත් රාජ්‍යයන් 192 ක නියෝජිතයන් සහභාගි වන විශේෂ සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහනක් ද නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ‍්‍රී ලංකාවේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන සදහා ජගත් සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා සහ නිත්‍ය උපනියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක දායකත්වය හිමිව ඇතැයි සදහන්ය.



ලබන 16 වන දින සිට 21 වන දින දක්වා නිව්යෝර්ක් නගරය ආශ‍්‍රිතව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

[Thanks :: Lanka C News]

තුරුණු සදහම් මංගල්‍ය

සසර සැපත

කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක
විහාරවාසී, ශාස්ත්‍රපති
විතාරන්දෙණියේ
මේධානන්ද හිමි



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“අන්ධභූතො අයං ලෝකො
තනු කෙත්‍ථ විපස්සති
සකුන්තො ජාල මුත්තොව
අප්පොස්සග්ගාය ගච්ඡති”



පින්වතුනි!


මේ ලෝකය තුළ ජීවත්වන බොහෝ පුද්ගලයෝ නුවණ මෙහෙයවීමෙන් තොරවීම නිසා අන්ධභාවයට පත් වෙයි. නමුත් මේ පිරිස අතරම ස්වල්ප වූ කොටසක් ජීවිතයේ අරුත හෙවත් පඤ්චස්කන්ධයේ යථාවබෝධය දකියි. ඔවුන් දැලින් මිදුනු වටුවකුසේ නිදහස්ව ගමන් කරන්නේ යම්සේද එසේ සසරදුකින් සසර සැපතට පත්වෙයි.


















































මසැස තිබුණ ද මනස නැත්නම් ඔහු අන්ධයෙකි. පුහුදුන් ජනයාට නුවණ මඳ බැවින් එය දැනගත හැක්කේ නුවණැතියන්ටය. අන්ධබවින් මිදුණු හොඳ ගතිනම් හොඳ නරක, මඟ නොමග, යුතු අයුතු, නිත්‍ය අනිත්‍ය, ශුභ අශුභ, සුඛ දුක්ඛ කළයුතු නොකළයුතු වරද නිවරද කුසල් අකුසල් මෙලොව පරලොව වශයෙන් දැනගැනීමේ හැකියාවක් තිබිය යුතු ය.

ලෝකය විවිධ විධියට අර්ථදැක්විය හැකි ය. කෙසේ නමුත් අපට පියෙවි ඇසට පෙනෙන ලෝකය අපට දැනෙන තරමට ලෝකය යනුවෙන් භාවිතා කරයි. ලෝක ධාතුව වශයෙන්ද සත්ව ලෝකය වශයෙන්ද ලෝක යන්නෙන් හඳුන්වයි. මේ ලෝකය සුන්දර නැත. එසේම අසුන්දරද නැත. ලෝකය ස්වාභාවික තත්ත්ව…