To understand your previous - LIFE, Look at what you have in your preset - LIFE :::: To have preview of your next - LIFE, Examine your daily act in this - LIFE

2600 සම්බුද්ධත්ව ජයන්තියට නිව්යෝර්ක් නගරයේ පිඩුසිගා වැඞීමට මහා සංඝරත්නය සැරසෙති


http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQdB3HEXyk5PKAzd-VYSQcVmoXfw88u45WNt3w3MmArjhg8z2EV&t=1http://order-acai-health.vakii.com/wp-content/plugins/content_generator/images/acai-new-york-city.jpeg




2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පින්ඩපාත චාරිකාවක නිරත වීමට මහා සංඝරත්නය තීරණය කර තිබෙන බව වාර්තා වේ. නිව්යෝර්ක් මහා විහාරයේ වැඩ වසන ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සම්බන්ධීකාරක පූජ්‍ය ඇත්කදවක සද්ධාජීව හිමියෝ මේ බව සදහන් කළහ. ඒ අනුව සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් භික්ෂුන් වහන්සේ 150 නමක් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙරදින නිව්යෝර්ක් නගරයේ පි`ඩුසි`ගා වැඞීමට නියමිතය.

මෙය අමෙරිකා එක්සත් ජනපදය තුල ප‍්‍රථම වරට කි‍්‍රයාත්මක කෙරෙන්නක් බවයි පූජ්‍ය ඇත්කදවක සද්ධාජීව හිමියෝ ප‍්‍රකාශ කරති. මීට අමතරව ජගත් සංවිධානයට අයත් රාජ්‍යයන් 192 ක නියෝජිතයන් සහභාගි වන විශේෂ සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහනක් ද නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ‍්‍රී ලංකාවේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන සදහා ජගත් සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා සහ නිත්‍ය උපනියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක දායකත්වය හිමිව ඇතැයි සදහන්ය.



ලබන 16 වන දින සිට 21 වන දින දක්වා නිව්යෝර්ක් නගරය ආශ‍්‍රිතව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

[Thanks :: Lanka C News]

No comments:

Post a Comment

Popular Posts